EQUAL GROUND යනු ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වීසෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජවභාවය, ප්‍රශ්නාර්ථ සහිත පුද්ගලයන්ගේ (LGBTIQ) මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයකි. 2004 වසරේදී ආරම්භ කරන ලද EQUAL GROUND ආයතනය මෙම කාර්යය වෙනුවෙන් ක්‍රියා කරන මෙරට පැරණිතම ආයතනයයි.
පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෝ ලිංගික දිශානතිය පදනම් කරගනිමින් සිදුවන වෙනස් කොට සැලකීම් වලට එරෙහිව සහ සුළුතර ලිංගික ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් EQUAL GROUND අප නැගීසිටිනවා.
EQUAL GROUND සන්නාමයේ අක්ෂර ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් අකුරු වලින් සමන්විත වන අතර “A” අකුර වෙනුවට යටිකුරු වූ රෝස පැහැයෙන් යුක්ත ත්‍රිකෝණයක් යොදා ඇත.
දෙවන ලෝක යුද්ධ සමයේ නාසි එකඟතා කඳවුරු වලදී මෙම රෝස පැහැති යටිකුරු ත්‍රිකෝණයේ පටන් ගැන්ම සිදුවිය. එහිදී “ලිංගික අසාමාන්‍යතාවය” යන්නෙන් දෝෂාරෝපණයට ලක් කරන ලද සමසෙනෙහස් මිනිසුන්ට මෙම රෝස පැහැති යටිකුරු ත්‍රිකෝණය පැළදීමට බලපෑම් කෙරුණි. පසුව සමසෙනෙහස් ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ඇතිවූ ස්ටෝන්වෝල් අරගලයේදී බලාත්මක සංකේතයක් ලෙස මෙම සලකුණ යොදා ගැනුනු අතර සමහරෙකු විසින් මෙය අනුස්මරණ සංකේතයක් ලෙසද යොදා ගනිනු ලබයි.
අපගෙ සන්නාමයේ EQUAL GROUND නාමය පසුපසින් අඛණ්ඩව දිවෙන, රෝස පැහැති තිරස් රේඛාව මගින් කිසිම තත්වයක් යටතේ කිසිම පුද්ගලයෙකු ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය මත වෙනස්කොට සැලකීමක් හෝ අපරාධයට ලක් කිරීමක් අප විසින් සිදු නොකරන බව ඉස්මතු කර දක්වයි.
ශ්‍රී ලංකාවේ සමාජය විෂම ලිංගික සංකල්පයෙන් සහ ස්ත්‍රී / පුරුෂ යන ද්වීතික ලිංගික මට්ටම මත ගොඩනැගී ඇති නිසා එම මට්ටමෙන් පිට පවත්නා ලිංගික භූමිකාවන් සහ වගකීම් අසාමාන්‍ය තත්වයන් ලෙස සළකණු ලබන අතර එසේ ජීවත් වන අය හෝ ඔවුන්ගේ ක්‍රියා දඩුවම් ලැබිය හැකි වැරදි ලෙසත් සළකනු ලබයි. යටත්විජිත අතීතයේ ප්‍රතිඵලයක් ලෙස, වැඩිහිටියන් දෙදෙනෙකු අතර පවතින සමසෙනෙහස් සම්බන්ධතා වසර 10ක් දක්වා සිරදඩුවම් ලැබිය හැකි සාපරාධී ක්‍රියාවන් ලෙස සලකනු ලබන අතර වර්තමාන සමාජය සමසෙනෙහස්භාවය හා සංක්‍රාන්ති සමාජභාවය අසාමාන්‍ය තත්ත්වයන් ලෙස පිළිගනු ලබයි. මෙසේ අසාමාන්‍ය යැයි සළකනු ලබන නිසා සුළුතර ලිංගික ප්‍රජාව සමාජයෙන් කොන් වීමටත් වෙනස් කොට සැලකීමටත් භාජනය වීම සිදුවේ. ලිංගික අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය පිළිබදව අවබෝධයක් නොමැතිකම නිසාවෙන් සහ ආගමික/සංස්කෘතික මූලධර්මයන්ගේ වැරදි අර්ථකථනයන් නිසාවෙන් සුළුතර ලිංගික ප්‍රජාව බොහෝවිට විෂම ලිංගික විවාහ සදහා බලෙන් යොමු කරවීම, මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සදහා බලහත්කාරයෙන් යොමු කරවීම සහ ඔවුන්ගේ නිවෙස්වල සහ පොදු ජනයාගේ ප්‍රචණ්ඩත්වයන්ට ද මුහුණ පෑමට සිදුවේ. මෙලෙස අයුක්ති සහගත සැලකීම් වලට ලක්වන පිරිස් යුක්තිය ඉදිරියට හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යාම සදහා බියක් දක්වනු ලබයි. ඒ ඔවුන්ගේ ලිංගික අනන්‍යයතාවය හෝ ලිංගික දිශානතිය හේතුවෙන් සමාජය ඔවුන් තුල දකිනා “අසාමාන්‍ය” බවෙහි ප්‍රතිවිපාක ලෙස ඔවුන්ව පොදු දැනුමක් වශයෙන් අධ්‍යයනට ලක් වීමටත් බලධාරීන් විසින් තවදුරටත් අපයෝජනයට ලක් කරගැනීමේ අවධානමක්ද පවතින නිසාවෙනි. වාර්ෂිකව සංවිධානය වන කොළඹ අභිමානය සැමරුම් උළෙල, LGBTIQ ප්‍රජාවට සමස්තයක් වශයෙන් තම අනන්‍යතාවය ආඩම්බරයෙන් පිළිගැනීමට හැකිවන අවස්ථාවන් රැසක් සලසන වැදගත් අංගයක් වේ. පවතින ආරක්ෂක හේතුන් මත කොළඹ අභිමානය සැමරුම් අවස්ථා සීමිත ප්‍රමාණයක් වුවද අඛණ්ඩව වසර 13ක් පුරා කාලයක් EQUAL GROUND ආයතනය විසින් කොළඹ අභිමානය සැමරුම පවත්වාගෙන එන ලදි. කොළඹ අභිමානය යනු සමාජයේ ඕනෑම තැනක සිටින සාමාන්‍ය ජනතාවට සුළුතර ලිංගික ප්‍රජාව කෙරෙහි ඔවුන් දක්වන ආකල්පය සහ අවබෝධය නිවැරදි කරගන්නටත් ඔවුන් තුල LGBTIQ ප්‍රජාව කෙරෙහි වු විවිධත්වයෙහි සහ සමානාත්මතාවයෙහි අවශ්‍යතාවය ඉස්මතු කර දැක්වීමටත් කදිම අවස්ථාවකි. සමාජය තුලින් සිදුවන වෙනස් කොට සැලකීම්, අපහාස සහ අපයෝජන හේතුකොටගෙන LGBTIQ ප්‍රජාවේ ඇතැමුන් මහත් වූ පීඩනයකින් සහ මානසික ගැටළු ආදියෙන් පෙළෙන අවස්ථා දක්නට ලැබේ. මෙම ගැටළුවට පිළියමක් ලෙස LGBTIQ ප්‍රජාව සදහාම විශේෂිත වූ උපදේශන සේවාවක් EQUAL GROUND අප විසින් පවත්වාගෙන යනු ලබන අතර මේ සඳහා සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත වූ දුරකථන සේවාවක් සපයා ඇත. එසේම භාෂා ත්‍රිත්වයෙන්ම කාන්තා උපදේශිකාවන් විසින් මෙහෙයවනු ලබන ‘කාන්තාවන් සදහාම’ විශේෂිත වූ දුරකථන සේවාව සමසෙනෙහස් සහ ද්වීසෙනෙහස් කාන්තාවන් සදහා සපයා තිබෙන අතර, ‘සංක්‍රාන්ති සමාජභාවීය’ ප්‍රජාව උදෙසාද ත්රිභාෂාවෙන් යුක්ත උපදේශන සේවාවක් සපයා තිබේ. මීට අමතරව උපදේශන සේවාව තවදුරටත් පුළුල් කරමින් Facebook Messenger හරහා උපදේශන සේවාවන් ලබාදීමට අප කටයුතු කර ඇත්තෙමු. මෙය ශ්‍රී ලංකාවේ දැනට LGBTIQ ප්‍රජාව වෙනුවෙන් පවතින එකම උපදේශන සේවාවයි. EQUAL GROUND ආයතනය LGBTIQ ප්‍රජාවට, ආරක්ෂිත සහ නිදහස් අවකාශයක් සපයා දෙමින් කටයුතු කරයි. මෙහි බාහිර කාර්යයන් ලෙස ප්‍රජා සාමාජිකයන්ගේ නර්තන පන්ති, ස්වං ආරක්ෂා පුහුණු, පැදුරු සාජ්ජ, විලාසිතා ප්‍රදර්ශන, චිත්‍රපට විකාශ ඇතුළු නොයෙකුත් විවිධාංගයන්ද විවිධ පොත්පත්, සඟරා වලින් සමන්විත වූ පුස්තකාලයක්ද, අවශ්‍ය තොරතුරු සහ චිත්‍රපට ඇතුලත් DVD තැටි එකතුවක්ද සපයමින් LGBTIQ ප්‍රජාවට තම නිදහස අත්විඳීමට අවශ්‍ය නිදහස් අවකාශයක් සපයා ඇත. ‘ආදරේ පාට’ (Adare Paata) ව්‍යාපෘතිය මගින් ආරක්ෂිත ලිංගික පුරුදු, HIV සහ STD වළක්වාගැනීමට ගත යුතු පියවර සහ එවැනි ලෙඩ රෝග පිළිබදව පරීක්ෂාකර ගැනීමට පිවිසිය යුතු ස්ථාන ආදිය පිළිබදව දැනුවත් කරන අතර විවිධාකර වූ වැඩමුළු සහ LGBTIQ ප්‍රජාවට අදාල වැඩසටහන් පිළිබඳව දැනුවත් කරනු ලබයි. LGBTIQ ප්‍රජාව පිළිබඳව මහජනතාව සංවේදී කිරීම සහ LGBTIQ ප්‍රජාව ශක්තිමත් කිරීම සදහා අපගේ ප්‍රකාශන හරහා තොරතුරු බෙදා හැරීම අත්‍යාවශය අංගයකි. එසේම ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් පවතින තත්ත්වය පිළිබදව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා සමාජ පර්යේෂණ ක්‍රියාකාරකම් වල නියැලීමට අප කටයුතු කරන්නෙමු. අපගේ ප්‍රකාශන (ත්‍රිභාෂික) කියවීම සඳහා පිවිසෙන්න. ජාත්‍යන්තර කාන්තා දිනය / සමසෙනෙහස් භීතිකාව, ද්වී සෙනෙහස් භීතිකාව සහ සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය / සංක්‍රාන්ති ලිංගික අනුස්මරණ දිනය / සමසෙනෙහස් කාන්තා දෘශයතා දිනය / කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය (දින 16හි ක්‍රියා පිළිවෙළ ) / ජාත්‍යන්තර ඒඩ්ස් දිනය / මානව හිමිකම් දිනය ආදී දිනයන් සැමරීම උදෙසා දැන්වීම් ප්‍රචාරණ වැඩසටහන්, උත්සව, සාකච්ඡා සංසද, පෝස්ටර් සහ ස්ටිකර් ප්‍රචාර ආදිය පවත්වනු ලබයි. අනෙකුත් වැදගත් දින ද සමරනු ලැබේ. LGBTIQ ප්‍රජාව වෙත බලපෑම් කරන්නාවූ විවිධ ගැටළු පිළිබඳව සාමාන්‍ය ජනතාව හා LGBTIQ ප්‍රජාව සංවේදීකරණය හා ඒ පිළිබඳව දැනුම පුළුල් කිරීම අරභයා විවිධ වැඩමුළු සෑම වර්ෂයක් පාසාම සිදු කරමින් සිටියි. තවදුරටත් EQUAL GROUND අප දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සාමාන්‍ය ජනතාව, දේශීය පාලන අධිකාරීන්, නීති බලාත්මක කරන්නන්, සෞඛ්‍ය අංශය, මානව හිමිකම් කොමිෂම, නීති ආධාර කොමිෂම, ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය හා අනෙකුත් අංශයන් සමගින් ග්‍රාමීය හා නාගරික වපසරිය දක්වා මෙම වැඩමුළු පුළුල් කොට ඇත. මෙම වැඩමුළු හරහා ප්‍රධාන වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා පුරුෂාධිපත්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය, මානව අයිතිවාසිකම්, එච්. අයි. වී. / ඒඩ්ස්, ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව හා ප්රකාශනය, නෛතික පැතිකඩ, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් යනාදී පුළුල් මාතෘකා පිළිබඳව ආවරණය කරනු ලැබේ. තවද එකී වැඩමුළු පැවැත්වීමේදී ඒ හා සබැඳි ප්රජාවිද්යාත්මක සන්ධර්භයට හා අවශ්‍යතාවට අනුකූලව හැඩගැසෙමින්ද වැඩමුළු දියත් කෙරේ. ඉහත වැඩමුළු පවත්වන්නාවූ ප්‍රදේශ අතුරින් දඹුල්ල, කොළඹ , පිළියන්දල, කළුතර, මතුගම, මාතර, ගාල්ල, කෑගල්ල, මහනුවර, බලන්ගොඩ, රත්නපුර, නුවර එළිය, තලවකැලේ, හැටන්, කොත්මල්ෙ, තවලන්තැන්න, මීපිරිගම, කළුකැල්ෙ, බැද්දෙගම, දඩැල්ල, කන්තල්ෙ, ත්‍රිකුණාමලය, උප්පුවේලි, අට්ටලච්චේනෙයි, මඩකලපුව, කාත්තන්කුඩි, ඉච්චලම්පතු, ලින්කෙපුරම්, කිලිවත්තු, සර්තපුරම්, කල්ලඩි, කැබිතිගොල්ලෑව, මැදවච්චිය සහ වාලච්චේන යනාදී ප්‍රදේශ නම් කළ හැකිය. LGBTIQ ප්‍රජාව විසින් මුහුණ දෙන්නාවූ ගැටළු හා ප්‍රශ්ණ පිළිබඳව තාෙරතුරු රැස්කිරීම සදහා EQUAL GROUND විසින් සිතියම්ගත කිරීම් සහ විවිධ අධ්‍යයනයන් සිදු කරයි. ඉහත දත්ත රැස් කිරීම්‍ෙ ව්‍යාපෘති වාර්තා කිහිපයක් අපගේ ප්‍රකාශන සම්පත් වෙබ් පිටුව ඔස්සේ ලබාගත හැකිය. ‘සමසෙනෙහස් භීතිකාව මතින් පැන නඟින ප්‍රචණ්ඩත්වයට එරෙහිව අරගල කිරීම හා ග්‍රාමීය ප්‍රදේශ වල සිටින්නාවූ සමසෙනෙහස් කාන්තා හා ද්වී සෙනෙහස් කාන්තාවන්ට සිදුවන දරුණු අපරාධ වලට එරෙහි වීම’, යන ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන සමසෙනෙහස් හා ද්වී සෙනෙහස් කාන්තාවන් විසින් මුහුණ දෙන්නාවූ ප්රචණ්ඩත්වය හා එහි විවධ ස්වරූප මට්ටම් පිළිබඳව වූ දත්ත රැස්කිරීමත්, ‘LGBTIQ ප්‍රජාවට සිදුවන අවමන්කිරීම් පිළිබඳ දර්ශකය’, යන ශ්‍රී ලංකාව තුළ ගැවසෙන LGBTIQ ප්‍රජාව විසින් මුහුණ දෙන්නාවූ විවිධාකාරයේ අවමන් කිරීම් හා වෙනස් කාෙට සැලකීම් පිළිබඳව සිදු කරාවූ අධ්‍යයනයත් අප විසින් සිදු කරන ලද අධ්‍යයන අතරින් දෙකකි. LGBTIQ ප්‍රජාව සුහදව පිළිගැනීම පිළිබඳව ප්‍රධාන භූමිකාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සතු වේ. සේවා ස්ථානයන්හි විවිධත්වය හා දිනපතාම ප්‍රජාව විසින් මුහුණ දෙන්නාවූ විවිධ වෙනස්කාෙට සැලකීම් හා අවමන් කිරීම් පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව සංවේදීකරණය කිරීම හා ඒ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීම අප මේ වන විට ආරම්භ කාෙට ඇත. අද වනවිට 6000 ට වැඩි සේවකයින් පිරිසක් විවිධ ව්‍යාපාරික ආයතන හරහා සංවේදී කාෙට ඇත. එහිදී EQUAL GROUND ආයතනයට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආයතනයක් වන John Keels Holdings ව්‍යාපාරික ආයතනය්ෙ මානව සම්පත් ප්‍රතිපත්තිය තුළ ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්යයතාව ඇතුළත් කිරීමට ඉහත සංවේදීකරණ වැඩ පිළිවෙළ හරහා හැකිව ඇත. එහිදී ව්‍යාපාරික ප්‍රජාව හා ඔවුන්ගේ ප්‍රතිපත්ති තුල විවිධත්වය පිළිගැනීම දක්වා වෙනස් කිරීමට ලැබීම පිළිබදව EQUAL GROUND අප සතුටු වන්නෙමු. මානව සම්පත් ප්‍රතිපත්ති තුළට විවිධත්වය ඇතුළත් කිරීම මගින් ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් වන අතර ලෝකය පුරා ව්‍යාපාර තුළ ඵලදායිතාවයට, ව්‍යාපාර වර්ධනයට සහ මුල්‍යමය වාසි සඳහා විවිධත්වය එක් කරගැනීම්ෙ වැදගත්කම අවබෝධ කර ගැනීමට පටන් ගෙන ඇත. ග්‍රාමීය ප්රද්ෙශ වල CBOs (Community Based Organizations) හා LGBTIQ සහයෝගී කණ්ඩායම් සහ පුද්ගලයින් ඇතුළත්ව දැනට EQUAL GROUND හා එකතුව වැඩ කරන්නාවූ විවිධ කණ්ඩායම් හා පුද්ගලයින් පුහුණු කිරීම්‍ෙ වැඩ පිළිවළ EQUAL GROUND විසින් තවදුරටත් පවත්වාගන යනු ලබයි. EQUAL GROUND විසින් වාර්තාමය චිත්‍රපට, කෙටි චිත්‍රපට හා සංගීත වීඩියෝපට වැනි නිර්මාණ රාශියක්ම මේ වනවිට නිර්මාණය කර ඇත. LGBTIQ ප්‍රජාවේ ගැටළු පිළිබඳව දැනුවත් කිරීමට සහ සංවේදීකරණය කිරීම සඳහා අප ඩිජිටල් මාධ්‍යය තුලින් දෘශය ප්‍රචාරණ කටයුතු තව තවත් පුළුල් කිරීමට කටයුතු කරන්නෙමු. අපගේ නිර්මාණ දැක ගැනීම සඳහා EQUAL GROUND Youtube චැනලය වෙත පිවිසෙන්න. EQUAL GROUND යෞවන ජාලය යනු ශ්‍රී ලංකාවේ තරුණ පරපුර එක් රැස් කරගනිමින් විශේෂයෙන් මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකාරී වන ජාලයකි. වසර ගණනාවක සිටම අප යෞවනයන් මූළික කරගන විවිධාකාර වූ තරුණ කඳවුරු, වැඩමුළු සහ සමිති යනාදී වැඩසටහන් සංවිධානය කෙරුණි. දැනට ප්‍රධාන වශයෙන් තරුණ ප්‍රජාවේ ගැටළු පිළිබඳව ක්‍රියාකාරී ආයතනයක් වන Young Out Here (YOH) සමඟ අප සමීපව කටයුතු සිදුකරමින් පවතී. YOH සමඟ සහයෝගීත්වයෙන් EQUAL GROUND අප එම තරුණ ජාලයට Queer Talks සැසි සහ Queer Cinema චිත්‍රපට විකාශනයන් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු සිදු කරන්නෙමු. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා වූ කේෂ්ත්‍ර චාරිකා, HIV සහ STD ඇතුලත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳව වැඩමුළු, ලිංගිකත්වය සහ ලිංගික අනන්‍යතාවය පිළිබඳ වැඩමුළු සහ වෘත්තීය පුහුණුව ආදී වූ වැඩසටහන් සිදුකරමින් ඔවුන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අප විසින් සිදුකරනු ලබයි. මෙවැනි වැඩසටහන් සිදුකිරීම තුලින් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ ජීවිත ඉහළ නැංවීමට අප බලාපාෙරාෙත්තු වන්නෙමු. මීට අමතරව, ශ්‍රී ලංකාව තුල සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් ප්‍රධානව කටයුතු කරන Venasa ආයතනය සමඟද EQUAL GROUND අප සමීපව කටයුතු කරන්නෙමු. EQUAL GROUND වෙබ් අඩවියට සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා තුනෙන්ම පිවිසීමේ පහසුකම් අප විසින් සළසා ඇති අතර EQUAL GROUND Facebook පිටුව, Twitter සහ Youtube චැනලය හරහා ඔබට අප සමග සම්බන්ධ වීමේ හැකියාව ඇත. LGBTIQ ප්‍රජාවට එරෙහිව භාවිතා කරමින්, ඔවුන්ව අපාරාධකරුවන් ලෙස සලකනු ලබන යල්පැනගිය නීති ඉවත් කිරීම සඳහා සිදුකරන මෙහෙයුම 135 මෙහෙයුම නම් වේ. EQUAL GROUND ආයතනය විසින් සමාජ ජාල සහ අන්තර්ජාලය පුරා ව්‍යාප්ත කර ඇති වැඩසටහන් අතරින් මෙය එක් මෙහෙයුමකි. සමසෙනෙහස් සහ ද්වීසෙනෙහස් කාන්තාවන් වෙනුවෙන් වූ ශිෂ්‍යත්ව වැඩසටහන සහ ‘Hope’ දෘශ්‍යතා වැඩසටහන හරහා ආර්ථිකමය අවශ්‍යතා පවතින සමසෙනෙහස් සහ ද්වීසෙනෙහස් කාන්තාවන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කරගැනීමට සහයෝගය ලබාදේ. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ව්‍යාපෘතිය හරහා කාන්තාවන් 12 දෙනෙකුට පමණ ඔවුන්ගේ වෘත්තීය නිපුණතා ඉහළ නංවාගැනීම සඳහා සහය ලබා දී ඇත. 2017 වසරේ සිට ආරම්භ කරන ලද වාර්ෂික සමසෙනෙහස් කාන්තා දිනය, මෙවර වඩා සුරක්ෂිත ඉඩකඩක් සකසමින් එකිනෙකාට තම තමන්ට හිමි නිදහසේ විනෝද වීමට අවස්ථාවක් සලසමින් සමසෙනෙහස් සහ ද්වීසෙනෙහස් කාන්තාවන් 75කට අධික පිරිසක්ද ප්‍රජාවට සහගයෝගී කාන්තාවන්ද ඇතුළුව කාන්තාවන් සදහා පමණක් වූ ප්රියසම්භාෂනයක් පැවැත්වුණි. ප්‍රජාවේ කටයුතු සඳහා සමසෙනෙහස් හා ද්වීසෙනෙහස් කාන්තාවන්ගේ දායකත්වය වැඩි කරගැනීමටත්, ඔවුන් බළගැන්වීමටත් EQUAL GROUND අප මෙසේ කටයුතු කරන අතර ඉදිරියටත් සමසෙනෙහස් කාන්තාවන්ගේ දෘශ්‍යතා දිනය වෙනුවෙන් විවිධාකාර වූ වැඩසටහන් සංවිධානය කිරීමට අප බලාපාෙරාෙත්තු වන්නෙමු. අපගේ වැඩසටහන්, ව්‍යාපෘති සහ මෙහෙයුම් පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා අප සමග සම්බන්ධ වීමට, Click කරන්න.
පියයුරු සහ ගැබ්ගෙළ පිළිකා සදහා වූ අපගේ ප්රකාශනය පිළිබඳව විස්තර, පියයුරු සහ ගැබ්ගෙළ පිළිකා – කාන්තාවන්ට ආදරය කරන කාන්තාවන් සඳහා තොරතුරු ලිංගික සෞඛය පිළිබඳව පවත්වන අපගේ වැඩමුළු හරහා ද, ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳව අප හෝ වෙනත් සංවිධාන මගින් පවත්වන වැඩසටහන් හරහාද ලබාදීමට කටයුතු කරයි.
මෙම අධ්‍යයන සිදු කරන තුරු LGBTIQ පුද්ගලයින් සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳව කිසිදු දත්ත රැස් කිරීමක් සිදුව නොතිබිණි. එසේ වුවත් ඉහත අධ්‍යයනයන් ශ්‍රී ලංකාව තුළ වෙසෙන LGBTIQ ප්‍රජාවට අවශ්‍ය අවශ්‍යයතාවන් හි මට්ටම් හා ආකාර පිළිබඳව ගුණාත්මක, ප්‍රමාණාත්මක දත්ත හා සංඛයාන මත පදනම් වෙමින් ඒවා උද්දේශන කාර්යයන් සදහා ප්‍රයෝජනයට ගනු වස් සිදු කෙරුණි.
පුහුණු වැඩසටහන් අන්තර්ගතය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා පුරුෂාධිපත්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව, මානව අයිතිවාසිකම්, HIV/AIDS වැළක්වීමේ ක්‍රමවේද, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, මනෝ උපද්ෙශනය, ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු තවත් දෑ. පුහුණු වැඩසටහන් අදාළ සංවිධානයන්ට අනුකූල වන ලෙස අවස්ථානුකූලව සිදු කරනු ලබයි.