ඔබට විවිධ ක්‍රම ඔස්සේ අපට උපකාර කළ හැකි අතර එම උපකාරයන් අපගේ අනාගත දියුණුව කරා යාමට අපට රුකුළක් වනු ඇත. දේශීය සහ විදේශීය වශයෙන් අපට දක්වන සහය සහ දායකත්වය අප මහත් සේ අගය කොට සළකන්නෙමු.

අප සමඟ සම්බන්ධ වීමට හෝ මූල්‍යමය නොවන දායකත්වයන් ලබාදීම සඳහා මෙහි Click කරන්න.

ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම

අපිට උපකාර කිරීම සඳහා ස්වේච්චාවෙන් සහභාගී වන පුද්ගලයින් අවශ්‍ය වේ! ඔබ ඔබේ කාලය සහ ශක්තිය කැප කරමින් ශ්‍රී ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් සඳහා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වීමට කැමති අයෙක් අප හා සම්බන්ධ වන්න.
LGBTIQ සහ මානව අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රකාශන (මුද්‍රිත ප්‍රකාශන සහ වීඩියෝ දර්ශන) සඳහා දායක වීමට ස්වේච්චාවෙන් සහභාගී වීමට ඔබට හැකියාව ඇත.

about.jpg

ඔබට ඔබේ වටිනා කාලය වෙනස් පැතිකඩයන් කිහිපයක් හරහා අප වෙනුවෙන් කැප කළ හැක.

–  දුරකථන උපදේශන සේවාවට දායකවීම සඳහා.
–  Colombo PRIDE කාලයේදී PRIDE උත්සවය සඳහා (වසරක් පාසා සිදු කරන විවිධ වූ උත්සව අවස්ථා සඳහා විශාල පිරිසකගේ සහය අපට අවශ්‍ය වේ.)
  අපගේ ප්‍රකාශන සඳහා සහය වීමට. (පහතින් විස්තර කර ඇත)
  ගොනු කිරීම, යතුරු ලියන කටයුතු, පරිවර්තන කටයුතු ආදී දිනපතා සිදු වන පරිපාලන කටයුතු සඳහා
  යම් අධීක්ෂණයක් යටතේ පුහුණු වන්නන්ද පිළිගනු ලැබේ. – අප සතුව පුළුල් විවිධත්වයකින් යුත් ව්‍යාපෘති ඇති අතර අපගේ අරමුණු වෙත ළඟා වීමට දක්ෂ, වෙහෙස වී කටයුතු කරන පුද්ගලයින් අවශ්‍ය වේ.

එමෙන්ම විදේශ රට වල සිටින ස්වේච්චාවෙන් දායක වීමට කැමති පුද්ගලයින් සහ පුහුණු වන අයද පිළිගනු ලැබේ.

ප්‍රකාශන සහ නිෂ්පාදන

image129551

තුන් මසකට වරක් පළකරනු ලබන EQUALITY සඟරාව සඳහාත් අපගේ අනෙකුත් ප්‍රකාශන සදහාත් හැකියාවෙන් යුක්ත ලේඛක පිරිසට තම දායකත්වය ලබාදීමට අප විසින් අවස්ථාව සලසනු ලැබේ. ලොව පුරා පාඨක සමූහයක් ඇතිකරමින් වර්තමානයේ EQUALITY සඟරාව ඩිජිටල්කරණය කර EQUAL GROUND වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.

EQUAL GROUND ආයතනයේ ඉතිහාසය ලේඛණගත කිරීම සඳහා EQUAL GROUND ආයතනය විසින් දක්ෂ යොවුන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ව සහ වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ව දිරිමත් කරනු ලැබේ. එමෙන්ම අප විසින් සිදු කරන ප්‍රධාන කාර්යයන් හෙවත් LGBTIQ ගැටළු, අසාධාරණකම්, වෙනස් කොට සැලකීම් සහ විරුද්ධ වීම් සම්බන්ධ වාර්තා චිත්‍රපට නිර්මාණයන්ට උපකාර කළ හැක.

EQUAL GROUND ආයතනයේ සිදු වන කාර්යන් සඳහා දායකවීමට අවශ්‍ය නම්, දුරකථන මාර්ගයෙන්, ෆැක්ස් මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් අප සමඟ සම්බන්ධ වන්න.

%d bloggers like this: